බුදු­ද­හමේ උග­න්වන්නෙ ‘සික්ඛං සික්ඛා­පෙති’ කියල, ‘ශික්ෂ­ණ­යෙහි පිහි­ටු­වන්න’ කියල කියන්නෙ. අද දරු­වන්ගේ නැති ගුණ­ධර්ම වඩ­වන්න නම් හික්මීම ඇති කරන්න ඕන. ඉව­සීම ඇති කරන්න ඕන. ශිල්පය විත­රක් දැන ගැනීමේ විපා­කය අද අපි හොඳින් අත් විඳි­නවා.

රූපය මත ක්ලික් කරන්න

ශිල්ප දෙනු දරු­වන්ට හික්මීම පෙරටුකොට

ආචාර්ය බඳ­ගි­රියේ සෝම­වංශ හිමි
දරු­වන්ට විෂය දැනුම පම­ණක් ලබා නොදී ගුණ­ධර්ම වැඩී­මට හුරු කළ යුතු බව මුල් ළමා විය සංව­ර්ධ­නය හා ප්‍රාථ­මික පාසල් අධ්‍යා­ප­නය පිළි­බඳ ජනා­ධි­පති උප­දේ­ශක ආචාර්ය බඳ­ගි­රියේ සෝම­වංශ හිමියෝ පව­සති. මේ ලිපි­යෙන් විර­ණය කෙරෙන්නේ දරැ­වන් බාහිර ලෝකය හා එක් කළ යුත්තේ කෙසේද යන්නයි.
මැටි පිඩ­කින් විසි­තුරු හා ප්‍රයෝ­ජ­න­වත් භාණ්ඩ­යක් නිර්මා­ණය කර­ගත හැකි­වන්නේ එය සවි වීමට පළ­මු­වයි. එසේම සමා­ජ­යට ප්‍රවේ­ශ­වී­මට අවශ්‍ය ගුණ දහම් දරු­වාට දිය යුතු වන්නේ ද දරුවා කුඩා වියේ දී යි. ළපටි අව­ධි­යේදී ගස යන අත අපට වෙනස් කරන්න පුළු­වන්. ඒ වගේම ළදරු අව­ධි­යේදී දරු­ව­කුගේ ගමන් මාර්ගය නිවැ­රැ­දිව සකස් කරන්න නැත්නම් වෙනස් කරන්න අපට පුළු­වන්. නිවැ­රැදි මාර්ගය ළදරු කාල­යේදී ලබා නොදු­න­හොත් ගුණ ගරුක පුර­වැ­සි­යන් ලෙස අනා­ගත සමා­ජ­යට පිවි­සී­මට අද දවසේ දුව පැන ඇවි­දින කෙළි දෙළෙන් කල් ගෙවන පුංචි දූ පුතුන් ට නොහැකි වනවා. යහ­ගුණ දම් පිරි හෙට දිනක් අපේක්ෂා කර­න්නට නම් මේ දරු­වන්ට බාල­වියේ සිටම නිසි මඟ පෙන්වා දිය යුතු­මයි. එහි දි දරුවා ගේ පූර්වා­චා­ර්ය­ව­රුන් ලෙස මවට සහ පියාට විශාල වග­කී­මක් පැව­රෙ­නවා.
දරු­වකු උපන් විගස ලබා දෙන්නේ මොන­වාද? ‘මවු කිරි’. උපන් හැටියේ විත­රක් නෙමෙයි. දීර්ඝ කාල­යක් මවු කිරි පම­ණක් ලබා දෙනවා. වෙනත් ආහාර ලබා දුන්නොත් අජී­ර්ණ­යන් ඇති වෙනවා. මේ සාමා­න්‍ය­යන් අප දන්නා දේවල්. ඒ වගේ අද දරු­වන්ට අධ්‍යා­ප­නය පම­ණක් ආර­ම්භයේ ඉඳ­ලම ලබා දෙන්න පටන් අර­ගෙන, දරු­වන් ගුණ ධර්ම දන්නේ නැහැ. මවු කිරි දෙන ගමන් දරු­වාට ඝන ආහාර ලබා දෙනවා වගේ ගුණ දහම් ඉගෙන ගන්නා දරු­වාට ක්‍රම­යෙන් ශිල්ප ඥානය නැත්නම් අධ්‍යා­ප­නය ලබා දිය යුතුයි.

එහෙත් අද කාල­යේදී මවු­පි­යන් කුඩා කාලයේ සිටම දරු­වන් අධ්‍යා­ප­න­යට පම­ණක් යොමු කිරීම නිසා ගුණ ධර්ම දරු­ව­න්ගෙන් ඈත් වෙලා.
මේ නිසා මොකක්ද වෙලා තියෙන්නේ. ප්‍රායෝ­ගික ලෝක­යෙන් බාහිර දරු­වන් බිහි වෙලා. විෂය දැනුම විත­රයි ඒ දරු­වන් දන්නේ. මේකට හොඳම උදා­හ­ර­ණ­යක් දෙන්න පුළු­වන්. ගණි­තය විෂ­යට ලකුණු 100% ගත්ත ළම­යින් කීප දෙන­කු­ගෙන් සෙන්ටි­මී­ට­ර­යක තරම ඇහු­වම එක එක්කෙනා විවිධ දිග පෙන්නුවා. සම­හරු අඩි ගණන් පෙන්නුවා. සෙන්ටි­මී­ටර් ගැන තියෙන ගණන් සේරම හරි. ඒ වුණාට සෙන්ටි මීට­ර­යක තරම දන්නේ නැහැ. මේක තමයි තත්ත්වය. මොකක්ද හේතුව. ප්‍රායෝ­ගික ලෝක­යෙන් බැහැ­රව විෂය ලෝකයේ විත­රක් ළමයි ජීවත් වෙන එක.
මෙලොව බිහි­වන දරුවා පළ­මුව ලෝකය හඳුනා ගන්නේ මව සහ පියා­ගෙන්. දරු­වාගේ පෞරු­ෂය ගොඩ නැඟෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරී­රය යන පංචේ­න්ද්‍රි­ය­න්ගෙන් උකහා ගන්නා දේ අනු­වයි. විශේ­ෂ­යෙන් තම මවු­පි­යන් කරන කියන දේ අනු­ක­ර­ණය කිරී­මට දරු­වන් ලොකු කැමැ­ත්තක් දක්ව­නවා. දරු­වාගේ සිත, කය, වච­නය යන තුන් දොර ක්‍රියා­ත්මක වන්නේ තමන් ප්‍රිය කරන දෙයත් සමඟ යි. දරුවා අසන දකින දේ ඔහු අනු­ග­ම­නය කර­නවා. පියා ආහාර ගැනී­මෙන් පසු හැඳ සිටින වස්ත්‍ර­යෙන් ම අත කට පිස දමන්නේ නම් මෙය දකින දරු­වාත් ඒ කාර්යය කිරී­මට පෙල­ඹෙ­නවා.
පසු­ගිය සතියේ කොළඹ ප්‍රසිද්ධ පාස­ලක සිසු­වෙක් පිහි ඇනු­ම­කින් මිය ගියා. රටම දන්නවා හේතුව. දන්ස­ලක් දෙන්න මුදල් එකතු කිරීම ගැන ඇති­වෙච්ච ආර­වු­ලක්. දන්ස­ලක් දෙන්නෙ මොක­ටද? ඒකෙ හර­ය­වත් දැන­ගෙන හිටිය නම් මේ වගේ දේවල් වෙන්න පුළු­වන්ද? බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ දාන පාර­මි­තාව සිහි කරන්න අප වෙසක් සමයේ දන්සල් දෙනවා. නමුත් දන්ස­ලක් දෙන්න ගිහින් ඒක මර­ණ­ය­කින් අව­සන් වුණා නම් කොත­නක හෝ වර­දක් තිබෙ­නවා නේද? මානව හිත­වාදී නොවී­මයි මූලික හේතුව. මානව හිත­වාදී බව ගුරු දෙගු­රුන් විසින් දරු­වන්ට ලබා දිය යුතුයි. මානව හිත­වාදී අයෙක් කව­දා­වත් විද්‍යාව ඉගෙන ගෙන පර­මාණු බෝම්බ හදන්නේ නැහැ. තමන් ඉගෙන ගත්ත දේ සමා­ජයේ යහ­ප­ත­ටයි යොද­වන්නේ. බුද්ධා­ගම විෂ­යට ඩී එකක් නැත්නම් ඒ එකක් අර­ගෙන තියෙන දරු­වෙක් බස් එකට නගින්න පෝලිමේ ඉන්න ආච්චිල සීයල පෙර­ළ­ගෙන බස් එකට නැගල වාඩි­වෙ­නව නම් ඒ දරු­ව­ගෙන් සමා­ජ­යට වෙන යහ­පත මොකක්ද?
අද දරුව බුද්ධා­ගම දන්නව. ඒ විෂ­ය­යක් හැටි­යට පම­ණයි.
ආර්ය අෂ්ටාං­ගික මාර්ගය නම් කරන්න පුළු­වන්. අග සවු දෙනම ගැන විස්තර දන්නව. චතු­රා­ර්යය සත්‍යය පිළි­වෙ­ළින් දන්නව. සම­හර වෙලා­වට සූත්‍රත් කට­පා­ඩම්. ඒ සේරම විභාගෙ ලකුණු ගන්න විත­රයි. බුදු­ද­හමේ උග­න්වන්නෙ ‘සික්ඛං සික්ඛා­පෙති’ කියල, ‘ශික්ෂ­ණ­යෙහි පිහි­ටු­වන්න’ කියල කියන්නෙ. අද දරු­වන්ගේ නැති ගුණ­ධර්ම වඩ­වන්න නම් හික්මීම ඇති කරන්න ඕන. ඉව­සීම ඇති කරන්න ඕන.
ශිල්පය විත­රක් දැන ගැනීමේ විපා­කය අද අපි හොඳින් අත් විඳි­නවා. අධි­වේගී මාර්ගයේ වාහ­න­යක් පද­වා­ගෙන යන්න දන්නවා. ශිල්පය දන්න නිසා. හික්මීම ඉව­සීම නැති නිසා මේ වෙන කොට ජීවිත කීයක් අහිමි වුණාද?
ආගම දහ­මින් ඈත් වීමයි මේ සිය­ල්ල­ටම හේතුව. ඉස්සර ඇන්ද නම් බෞද්ධ සිතු­ව­මක් ඇන්දෙ. නාට්‍ය­යක් නම් බෞද්ධා­ග­මට ගැළ­පෙන නාට්‍ය­යක්. අද මොකද වෙලා තියෙන්නේ. පවුලේ සියලු දෙනාට එකට බලන්න පුළු­වන් ඒව නෙමෙයි රූප­වා­හි­නියෙ වගේම චිත්‍ර­ප­ටි­ව­ලින් පෙන්නන්නෙ.
මවු­පි­යන් විසින් තම දරු­වන්ට ජීව­ත්වන පිළි­වෙත කියා දිය යුතු යි. උදෑ­සන පිබි­දී­මට, දත් මැද මුහුණ සෝද­න්නට, කෑමට පෙර අත සේදී­මට, පිරි­සිදු ඇඳුම් ඇඳී­මට, නිවෙ­සට අමු­ත්තෙක් පැමිණි කල ආයු­බෝ­වන් කිය­න්නට, මිනි­සුන් සමඟ සිනා­වෙ­න්නට දරුවා හුරු කළ යුතුයි. සිනා­වෙන්න පුරුදු නොකළ අය සිනා­සෙන්නේ නැහැ. මෙවන් අය අදත් අප අතර කොතෙ­කුත් සිටි­නවා.
විශේ­ෂ­යෙන්ම ආචා­ර­ශීලී බව දරු­වන්ට ඉගැ­න්විය යුතු වනවා. ජපා­නයේ කිසිදු අයෙක් පෝලිම් කඩා­ගෙන යන්නේ නැහැ. ඇඳුම් ඇඳී­මේදී ඔවුන් අතර මනා සංව­ර­ක­මක් දක්නට පුළු­වන්. වීසා නැතුව ගිහින් කවුරු හරි අහු­වු­ණත් මාංචු­වක් පවා දමන්නේ ආචා­ර­ශීලී බවින් යුක්ත­වයි. අපේ රටේ තත්ත්වය කොහො­මද? උග­තුන් සිටින සමා­ජයේ වැරැදි සිදු­වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් තිබෙ­න්නට පුළු­වන්. එහෙත් මනුස්ස ගුණ දහම් වඩන සමා­ජයේ වැරැදි සිදු­වීම් ඉතා අවම මට්ට­ම­කයි පව­තින්නේ.
අපේ රටේ බොහෝ අය කාම­ ලෝ­ක­යක අත­රමං වෙලා වගෙයි. ඕනම දෙයක් කරන්න හිරි ඔත්තප්ප ගුණ දහම් නැති­වෙලා ගිහින්. තියෙන දෙය­ක් ක­නවා. නැත්නම් උදුර ගන්නවා, ඒත් නැත්නම් හොර­කම් කර­නවා. යළි ආප­ස්සට යන ධර්ම­තා­ව­කට අප හුරු­වෙලා. අතී­තයේ බල­වතා හයි හත්තිය ඇති අය ජය ගත්තා වගේ තත්ත්ව­යක් අප ඉදි­රියේ පෙනෙ­න්නට තියෙන්නේ. දුර්ව­ලයා මරා දමා රජ­කම ගත්ත වගේ අපේ සම­හර හයිය හත්තිය ඇති අය අසා­ධා­ර­ණය ඉස්සර කර­ගෙ­නයි වැඩ කරන්නේ.
ජනා­ධි­ප­ති­තුමා අධ්‍යා­ප­න­යට කෝටි ගණන් වැය කර­නවා. එතුමා කිය­නව වගේ පාර­වල් හැදු­වට වැඩක් නෑ ඒවයෙ යන්න දන්නෙ නැති මිනිස්සු නම් ඉන්නෙ. ගොඩ­නැ­ගිලි හැදු­වත් එච්ච­රයි.
කුඩා කාලේ ඉඳ­ලම මොළේ දත්ත ගබ­ඩා­වක් කරන්න තමයි ගුරු­වරු වගේම මව්පි­යොත් අද පුරුදු වෙලා ඉන්නෙ. ඒ විදි­හට බල­පු­ව­හම කඩෙන් ගන්න පරි­ග­ණ­ක­යෙයි දරු­ව­ගෙයි වැඩි වෙන­සක් නැහැ. අද ළදරු පාසලේ ඉඳ­ලම ළමයි ටියු­ෂන් යන්නෙ. පෝය දව­ස­ක­ට­වත් දරු­වෙක් පන්ස­ල­කට එක්කර ගෙන ගිහින් වන්දනා කරන්න ඕන විදිහ කියන මවු­පියො කීදෙ­නෙක් ඇත්ද?
උදේ සවස බුදුන් වැඳීම, ‘දස­නක සමෝ­ධා­නය’ නම් වූ ඇඟිලි දහය එක්කර මල් පොහො­ට්ටු­වක හැඩ­යට තබා වැඳ නම­ස්කාර කිරීම ආදී සිරිත් දරු­වාට කුªඩා වියේ සිටම හුරු කළ යුතු වනවා.
ආහාර ගැනී­මේදී පැව­තිය යුතු ශීලා­චාර ක්‍රම­වේ­ද­යක් පවා බුදු­ද­හමේ හඳුන්වා දී තිබෙ­නවා.
රූප­වා­හි­නිය හරහා දරු­වන් ග්‍රහ­ණය කර­ගන්නා වෙළඳ ප්‍රචා­රණ දැන්වීම් ගැනද මවු­පි­යන් අව­ධා­න­යෙන් සිටිය යුතු­මයි.
සම­හර වෙළඳ දැන්වීම් දරු­වන්ට ආහා­ර­යට කෑද­ර­කම හුරු කර­ව­නවා. සොර­කම ද හුරු කර­නවා. දරු­වන් වෙනු­වෙන් ම ආහාර ගෙන එන මවු­පි­යන් උපා­යෙන් රවටා එය භුක්ති විඳින ආකා­රය පෙන්වන වෙළඳ ප්‍රචා­රණ දැන්වීම් අපට දකි­න්නට පුළු­වන්.
මේ දැන්වීම් දරු­වාගේ් මන­සට ඉතා අහි­ත­කර බල­පෑම් ඇති කර­නවා. ප්‍රචා­රක දැන්වීම් නිර්මා­ණය විය යුතු වන්නේ මානව හිත­වාදි ලෙස යි. සාමූ­හි­ක­ත්වය, ආද­රය, කරු­ණාව ඇති­වන ලෙස­ටයි. විදෙස් රට­වල පවා නාය­ක­ත්වය, ‘ටීම් වර්ක්’ වැනි වචන වලින් හඳුන්වා අප අතර භාවි­තයේ ඇත්තේ බුදු දහමේ දැක්වෙන මේ ගුණ ධර්ම­යන්.
වෙළඳ ප්‍රචා­රණ දැන්වී­ම­කින් අපේක්ෂා කරන්නේ පුද්ග­ලයා ගේ අභ්‍ය­න්ත­ර­යට පණි­වු­ඩ­යක් දීම­ටයි. ඒ පණි­වු­ඩය අශී­ලා­චාර වුව­හොත් බිහි වන්නේ අශී­ලා­චාර මනු­ෂ්‍ය­යෙක් බව අමු­තු­වෙන් කියන්න ඕන නැහැ. මේ නිසා දරුවා රූප­වා­හි­නි­යට යොමු­කළ යුතු වන්නේ දැඩි විම­සු­ම­කින් බව මවු­පි­යන් තේරුම් ගත යුතුයි. විකා­ශ­නය වන වැඩ­ස­ට­හන් තෝරා බේරා ගැනී­මෙන් තොරව රූප­වා­හි­නි­යට යොමු වන දරු­වන් ද සුලබ යි.
තමන්ට නුසු­දුසු දේ ග්‍රහ­ණය කඅඅර ගන්නා දරු­ව­න්ගෙන් නුසු­දුසු දේ ම මිස යහ­පත් දේ බලා­පො­රොත්තු විය නොහැකි බව මවු­පි­යන් වටහා ගත යුතු යි.
පුද්ග­ල­යාට යන එන, කන බොන, අඳින පල­ඳින ආදී වූ මේ සියලු චර්යා­ව­ලදී මනුෂ්‍ය ක්‍රම­වේද හඳුන්වා දිය යුතු බව බුදු දහමේ සඳ­හන් වෙනවා.
”ගතේ ඨීතෙ නිසින්නෙ සුත්තෙ ජාග­රිෙථී...” ආදී ලෙසින් හඳුන්වා දුන්නේ එයයි. කුඩා දරුවා මවත් සමඟ කුස්සියේ වැඩට එක්වීම බොහෝ මවු­වරු ප්‍රති­ක්ෂේප කර­නවා. ‘මම ඕව කර ගන්නම් ඔයාල ගිහින් පාඩම් කරන්න’ කිය­මින් මවු­ව­රුන් දරු­වන් කුස්සි­යෙන් පලවා හරි­නවා. දරුවා අම්මාගේ මෙහෙය දැන­ගන්නේ කොහො­මද?
කුඩා කල සිටම දරු­වාට බුද්ධිය මතු කර­ග­න්නට අවැසි පරි­ස­රය මේ ක්‍රියා­කා­ර­කම් හරහා සකසා දිය යුතු යි. තමන්ට උදව් පිණිස යන දරුවා වළ­කා­ලීම ඔහුගේ් අධ්‍යා­ත්මය අනා­ග­තය අඳුරු කිරී­මක් වන්න­ටත් පුළු­වන්. දරු­වාට ජීව­ත්වන ආකා­රය කුඩා කල සිටම හුරු­කළේ මේ සමා­ජ­යට ප්‍රවේශ වීම අප­හසු වන්නේ නැහැ.
ජීව­ත්ව­න්නට දරු­වාට ඉගැ­න්විය යුතු වනවා.
මිනි­සෙක් හැදෙන්න භාෂාව අත්‍ය­වශ්‍ය ය. කුඩා කල ලී කැබලි පොල් පිති භාවි­ත­යෙන් කැරන කෙළි සෙල්ලම් වලින් දරුවා භාෂාව ඉගෙන ගන්නවා. මූලික ගණිත සංකල්ප සංව­ර්ධ­නය ඇති කර ගන්නවා.
වචන රැසක් ඉගෙන ගන්නවා යනු ක්‍රියා­කා­රී­ත්ව­යන් රාශි­යක් හඳුනා ගැනීම යි. ක්‍රියා­කා­රී­ත්ව­යන් රාශි­යක් හඳුනා ගන්න දරුවා ක්‍රියා­කාරී ළම­යෙක් වනවා. ක්‍රියා­කාරී වන්නට නම් ඔහුට පුංචි උදැ­ල්ලක් කොස්සක් වැනි දේ අවශ්‍ය වනවා. එවැනි දරු­වන් පෙර කීවාක් මෙන් ගණි­ත­යට ලකුණු 100 ම අර­ගෙන සෙන්ටි­මී­ට­රය නොදැ­න­ගෙන ඉන්නේ නැහැ.
දරු­වාගේ වයස ඇග­යීම ද මෙහිදී අත්‍ය­වශ්‍ය වනවා. බාල කාලය ආපසු එන්නේ නැති බව දැන­ගෙන ඒ වය­සේදී අවශ්‍ය දෙයින් දරුවා සන්ත­ර්ප­ණය කිරී­මට, ඔහුගේ මනස සම­නය කර­න්නට, ඉන්ද්‍රිය දම­නය කර­න්නට අවශ්‍ය ක්‍රියා­කා­රී­ත්ව­යක් දෛනි­කව ගෙදර දොරේ සිදු විය යුතු වනවා.
ඒ සඳහා යාන වාහන විශාල ගේ දොර තිබිය යුතු බව මෙයින් අද­හස් වන්නේ් නැහැ. හොඳ අධ්‍යා­ප­න­යක් ලබාදී යුතු­කම් වග­කීම් හඳු­නන නිර­වුල් මන­සක් ඇති දරු­වෙක් ගොඩ­නැ­ඟිය යුතු වනවා. අද දරු­වන්ට අන­වශ්‍ය භාණ්ඩ­යක් වන ජංගම දුර­ක­ථන විශාල ගැට­ලු­වක් වෙලා තියෙන්නෙ. දරු­වන් කිහිප දෙන­කු­ගේම ජීවිත අකා­ලයේ අහිමි වුණේ මේ දුර­ක­ථන ප්‍රශ්න නිසයි. මව්පි­ය­න්ගෙන් යැපෙන දරු­වන්ට ජංගම දුර­ක­ථන අවශ්‍ය නැහැ. හදිසි අව­ශ්‍ය­තා­ව­ය­කට දරු­ව­කුට ජංගම දුර­ක­ථ­න­යක් ලබා දුන්නත් ඒ අව­ශ්‍ය­තා­වය අව­සන් වූ වහාම ඒව ආපසු ලබා ගැනී­මට මවු­පි­යන් වග බලා ගත යුතු වනවා. අද ඇතැම් මවු­පි­යන්ද කුඩා දරු­ව­න්ටත් තමන්ගේ ජංගම දුර­ක­ථන අන­වශ්‍ය ලෙස භාවි­ත­යට ඉඩ දී තිබෙ­නවා. මේවායේ අනිටු විපාක දැන­ගෙ­නත් මවු­පි­යන් එසේ හැසි­රීම ඇත්තෙන්ම කන­ගා­ටු­දා­ය­කයි.
ඒ වගේම අප තාක්ෂ­ණය ඉස්ස­ර­හට දාගෙන හැම දෙයම ක්ෂණි­කව කර­ගන්න පුරුදු වෙලා. මේ නිසා අපේ මවු­ව­රුන්ට අද සීනි, කොලො­ස්ට­රෝල් වගේ විවිධ ආබාධ ඇති වෙලා. බුදු දහ­මට අනුව වැඩ කරන මව­කට එවැනි තත්ත්ව­යක් ඇති වන්නේ නැහැ.
පංච­කාම ගුණය බුදු දහමේ ප්‍රති­ක්ෂේප කැරෙන්නේ් නැහැ. අවශ්‍ය වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අර­මුණු මානව හිත­වාදී ලෙස විඳි­න්නට දරුවා හුරු කිරීම යි.
මෙහිදී ශීලය පිළි­බ­ඳව ද විශේ­ෂ­යෙන්ම අව­ධා­නය යොමු කළ යුතු වනවා. ශීලය කියන්නේ බණ භාවනා කිරීම ම නොවේ. ශීලය විග්‍රහ කිරීමේ දී සමාජ සම්මත සියලු ක්‍රියා­කා­රී­ත්ව­යන් ගැන අව­ධා­නය යොමු කළ යුතු වනවා.
සිල් හඳු­නා­ගෙන ශීල­වන්ත සමා­ජ­ය­කට දරු­වන් යොමු කළ යුතු ය. අනුන්ට කර­ද­ර­යක් නැතිව සමා­ජයේ ජීව­ත්වී­මට පෙර­හුරු සකස් කර­දිය යුතු යි. අනා­ග­තය දීප්ති­මත් වන්නේ එවැනි පරි­ස­ර­යක හැදී වැඩෙන දරු­වාගේ බව මවු­පි­යන් ගුරු­ව­රුන් පම­ණක් නොව අප සැවොම සිත්හි තබා ගත යුතු වනවා. උතුම් වෙසක් දින සම­ර­මින් අප සිත්හි තබා ගත යුත්තේ අපගේ අනා­ගත පර­පු­රට ගුණ ධර්ම වඩන ආකා­රය ළං කර දීම­ටයි.